slider

Sunday, July 6, 2014

පෘථිවියට වඩාත්ම සමාන ග්‍රහලොව හමුවෙයි.....

සෞරග්‍රහමණ්ඩලයෙන් පිටත මෙතෙක් සොයා ගනු ලැබූ ග්‍රහලෝක සියල්ල අතරින් පෘථීවියට බොහෝ සෙයින්ම සමාන ග්‍රහලොවක් (the most earth like plaet)සොයා ගැනීමට පසුගියදා විද්‍යඥයින් පිරිසකට හැකිවෙලා තියනවා.
මීට වසර 20කට පමණ පෙර සෞරග්‍රහමණ්ඩලයෙන් පිටත ප්‍රථම ග්‍රහලොව සොයා ගැනීමෙන් පසුව මේ වන විට ග්‍රහලෝක 2000ක් පමණ සොයා ගැනීමට හැකි වී ඇත.



මේ අතරින් වැඩිම ග්‍රහලොක ප්‍රමාණයක් සොයාගත්තේ නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින්.
එම ග්‍රහලෝක සියල්ල අතරින් පෘථිවියට ප්‍රමාණයෙන් හා භෞතික සාධක වලින් වඩාත්ම සමාන ග්‍රහලොව ලෙස , කෙප්ලර් අභ්‍යාවකාෂ දුරේක්ෂය මගින් ම සොයාගත් දැනට
186f ලෙස නම් කර ඇති මේ නව ග්‍රහලොව හැදින්විය හැකිය.

පෘථිවියේ සිට ආලොක වර්ෂ 500ක් පමණ ඈතින් පිහිටා ඇති මේ ග්‍රහලොව අරය පෘථිවියේ අරයට වඩා 10%ක්කින් පමණ වැඩි අතර සිය කුඩා සිසිල් වාමන මවු තාරකාව වටා ගමන් කිරීමට ඊට දින 130ක් පමණ ගත වේ.
ග්‍රහලොවේ ප්‍රමාණය නිසා මෙම ග්‍රහලොව පෘථිවිය මෙන්ම පාෂාණමය ග්‍රහලොවක් ලෙස විද්‍යාඥයෝ අනුමාන කරති.
වඩා වැදගත් ම කරැණ වන්නේ මේ ග්‍රහලොව සිය මවු තාරකාවේ සිට විද්‍යාඥයන් Habitable ZONE ලෙස හදුන්වන එනම් ජීවීන්ට වාසයට සුදුසු පෙදෙසේ මේ ග්‍රහලොව පිහිටා තිබීමයි.
කුඩා සිසිල් වාමන තාරකා අප මන්දාකිණි පුරාවටම දැකිය හැකි තාරකා වර්‍ගයක් වන අතරමෙවැනි තාරකාවල පෘථිවියට සමාන ග්‍රහලෝක දැකිය හැකි නම් මීට වඩා පෘථිවියට ආසන්නයේ ඇති මෙවැනි  තාරකා වලින් ජීවීන්ට සුදුසු මෙවැනි ග්‍රහලෝක අනාගතයේදී සොයා ගැනීමට හා ඒ තුලින් පෘථිවියෙන් පිටත ජීවය සොයා ගැනීමේ සිහිනය සැබෑකර ගැනීමට මේ නව ග්‍රහලොව විද්‍යාඥයින්ට මගපාදනු ඇත.

-benzobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...