
මේ පෙන්ගුවින් සතුන්ගේ ජීවන කටයුතු සදහා මුහුදු අයිස් පැවතීම ඉතා වැදගත් වන අතර, මුහුදෙ අයිස් සාන්ද්‍රණය වෙනස් වන විට මෙම සතුන්ටද යම් යම් බලපෑම් සිදුවේ.
අදාළ පර්යේෂණය දී ලෝකයේ මේ පෙන්ගුවින් සතුන් වෙසෙන ප්‍රදේශවල දැකිය හැකි මුහුදු අයිස් ප්‍රමාණයේ වර්තමාන හා අනාගත වෙනස්වීම් සම්බන්ධව අවධානයට ලක් කර ඇත.
ඒ දේශගුණ වෙනස්වීම් පිළිබද අන්තර්ආණ්ඩු මණ්ඩලයේ ආකෘති මත මුහුදු අයිස් සදහා වන පුරෝකථන පදනම් කරගෙනය.
එහිදී හෙලි වී ඇත් ආකාරයට, අනාගත දේශගුණ වෙනස්වීම් හමුවේ ලෝකයේ අදිරද පෙන්ගුවින් ගහන සියල්ලේම දැකිය හැකි සතුන් ගණනේ පැහැදිලි අඩු වීමක් ඇති වීය හැකිය.
මේ සියවස අවසාන වෙන විට පෙන්ගුවින් ගහන අතුරෙන් තුනෙන් දෙකකම දැකිය හැකි සතුන් ගණන වර්තමාන ප්‍රමාණයෙන් 50%කට වඩා අඩු වනු ඇත.
ලෝකයේ මේ දක්වා හමු වී ඇත්තේ මේ පෙන්ගුවින් විශේෂයේ ගහන 45 ක් පමණි.
මේ අනුව දෙශගුණ වෙනස් වීම නිසා තර්ජනයට ලක්වී ඇති බවට මොවුන් නම් කල හැකි බව එහි දක්වා ඇත.
මූලාශ්‍රය(: Nature climate change, DOI: 10.1038/nclimate)
-benzobee-
No comments:
Post a Comment