රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව


මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ අලුත් දේවල් හොයාගෙන යන අපිට මේ අපූරු නිර්මාණය කරපු Mr.Event Entertainment ආයතනයේ ගීත් සහ නදුන් එක්ක මේ ගැන කතා කරන්න හිතුනා.

පියුමි හන්සමාලිට තාම විසි පහයි


පියුමි හංසමාලි කිව්වම නොදන්නා කෙනෙක් නැති තරම් . පසුගියදා පියුමි තමන්ගේ 25 වෙනි උපන්දිනය සැමරුවා.පියුමිගේ යාළුවෝයි  රසික රසිකාවියනුයි ගොඩ දෙනෙක් පියුමිට facebook වලින්  සුබපැතුම් එක්කරලා තිබුණා.
ඉතින්මේ උපන්දිනය සමරන්න පිියුමි උපන්දින සාදයකුත් සංවිධානය කරලා තිබුණා.
මේ උත්සවයට කලා ක්ෂේත්‍රයේ නළු නිළියන්  වගේම අමාත්‍ය රංජන් රාමනායකත්  සහභාගී වී තිබීම විශේෂත්වයක්.
ඒ ගැන අන්තර්ජාලය පුරාම විවිධ පුවත් සමඟින් මේ සාදය ගැන හුවමාරු වෙලා තිබුණා.
සමහර කියලා තිබුණා පියුමි සහ රංජන් පෙමින් වෙළෙයි කියලා.
ඒකට පියුමි අපූරු උත්තරයකුත් දීලා තිබුණා.
පියුමි කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

ලාංකික යුවතියක ගෙන් හැඩ වුන Justice League

ලොව පුරා සිනමාලෝලීන් ඇඟිලි ගනිමින් මගබලන් සිටි හොලිවුඩ් චිත්‍රපටයක් තමයි “Justice League”
කියන්නේ.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණියක් මෙම අපූර්ව හොලිවුඩ් චිත්‍රපටය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබීම නිසාවෙන් ලංකාව තුළත් මේ වනවිට වැඩි කතාබහකට ලක්වන චිත්‍රපටයක් බවට “Justice League” පත්ව අවසන්.

EIDOLON පරිගණක ක්‍රීඩාව




වසර දෙතුන් සියයකට එපිට කාලයේ මිනිස් වාස භුමියක්ව තිබූ ප්‍රදේශයක් දැන් ඝන වනාන්තරයක් බවට පත් වූයේ මන්දැයි සොයා එම වනාන්තරයට ඇතුළු වන ගවේශකයෙක් ගැන කියවෙනඅයිඩලන් යනු නවතම පරිගණක ක්‍රීඩාවකි.

තේමා කතා අවධිය ක්‍රිස්තු වර්ෂ 2400 ය.

ගවේශකයා ඇවිද යන්නේ ඇමරිකාවේ බටහිර වොෂිංටන් ප්‍රදේශයේ එක්තරා ඝන වනාන්තරයක් තුලය.
කලකට පෙර මිනිස් වාසභූමියක්ව පැවති මෙය දැන් වන සතුන්ගෙන් ගහන ප්‍රදේශයකි.
කලින් තිබූ ගොඩනැගිලි වල හා දැවැන්ත විදුලි කුළුණු වල වනගත නටඹුන් පමණක් දක්නට ලැබේ..

අප ක්‍රීඩා කල යුත්තේ ජනාකීර්ණ නගරය වල් බිහිවූයේ මන්දැයි සොයා බලන ගවේශකයා ලෙසය..
කලින් විසූ මිනිසුන් පරිහරනය කල දේවල් ගැන සොයමින් යම් යම් දේ එකතු කරමින් විතරක් නොව මහ වන මැදදී ගවේශකයාගේ ජීවිතයද රැක දෙමින් ක්‍රීඩාව කල යුතුය.
මෙම ගමනට ගෙන යා හැක්කේ ටැබ්ලට් පරිගණකයක්, සටහන් පොතක්, දුර බලන කන්ණාඩියක්, සියම් , බිලී පිත්තක්, මාලිමාවක් හා දුනු ඊතල පමනි.

http://www.icewatergames.com/about





හිස් ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී කිසි වාසියක් නෑ හාමතේ නැත්තං අතේ සල්ලී… ගායකයාගේ පින පෑදේ

වසර විස්සක් ලන්ඩනයේ වීදි පුරා ගී ගයමින් මගී ජනතාව පිනවූ 38 හැවිරිදි වීදි ගායකයෙකු සමග දැවැන්ත සංගීත සමාගමක් වන “වෝනර්“ වාර්තාගත ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමින් Si Cranstoun නම් වන මොහු සමග “වෝනර්“ සංගීත සමාගම විසින් අත්සන් කර තිබෙන ගිවිසුමේ වටිනාකම බ්‍රිතාන්‍යය පවුම් ලක්ෂ දහයක් බව සඳහන්ය.
මෙම වීදි ගායකයාගේ “Caught in the Moonlight“ ගීතය පසුගිය මාසයේදී Radio 2 නැමති ගුවන් විදුලියේ ගීත දර්ශකයටද තෝරා ගෙන තිබෙන බව මෙම වාර්තා කියයි.
වීදි ගායකයෙකු ලෙස තමන් අතිශය ප්‍රමෝදයට පත්වන බවත් ජනතාව සමග උරෙන් උර ගැටී ඔවුන් පිනවීමට ලැබීම සතුටක් බවත් ඔහු සඳහන් කර තිබේ. මීට වසර අටකට පෙර ඔහුට සිය බිරිඳ මුණ ගැසී තිබෙන්නේද ලන්ඩනයේ වීදියක ගීත ගායනා කරමින් සිටි අවස්ථාවක බව සඳහන්ය.