
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාන්තාවන් තම පැරණි දුරකතනයේ තිබූ සියළුම ඡායාරූප හා පුද්ගලික දත්ත මකාදමා අලෙවි කර තිබුණත් ඒවා නැවතත් සොයාගත හැකි මෘදුකාංග මේ වනවිට නිපදවා තිබෙන නිසා මොවුන් මේ ආකාරයෙන් අනතුරේ වැටී තිබෙන බවයි.
මෙවැනි මෘදුකාංග පහසුවෙන් සොයාගත හැකි නිසා විශේෂඥයින් විසින් උපදෙස් ලබාදී තිබෙන්නේ ඉතාමත් වැදගත් තොරතුරු සහ සේයාරූ සහිත පුද්ගලික ස්මාර්ට් ජංගම දුරකතන ebay හරහා විකුණා දැමීමට වඩා ඒවා විනාශ කර දැමීම වඩා ආරක්ෂාකාරී බවයි.
චෙච් රාජ්‍යයේ පිහිටි සමාගමක් විසින් විකුණා තිබූ පැරණි ස්මාර්ට් ජංගම දුරකතනවල තිබූ කාන්තාවන් හා පිරිමින්ගේ නිරුවත් ඡායාරූප 1000 ක් පමණ සොයාගෙන තිබෙන බව සඳහන්ය.
තොරතුරු තාක්ෂණ විශේෂඥයින් සඳහන් කර තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනවල තිබෙන සේයාරූ හා තොරතුරු ඒවා විකිණීමට පෙර මකා දැමීම ප්‍රමාණවත් නොවන බවත් එම ෆයිල්ස් සම්පූර්ණයෙන්ම අක්‍රීය වන පරිදි ඒවා උඩින් ඕවර්රයිට් (overwrite) කළ යුතු බවයි.