slider

Wednesday, September 3, 2014

EIDOLON පරිගණක ක්‍රීඩාව




වසර දෙතුන් සියයකට එපිට කාලයේ මිනිස් වාස භුමියක්ව තිබූ ප්‍රදේශයක් දැන් ඝන වනාන්තරයක් බවට පත් වූයේ මන්දැයි සොයා එම වනාන්තරයට ඇතුළු වන ගවේශකයෙක් ගැන කියවෙනඅයිඩලන් යනු නවතම පරිගණක ක්‍රීඩාවකි.

තේමා කතා අවධිය ක්‍රිස්තු වර්ෂ 2400 ය.

ගවේශකයා ඇවිද යන්නේ ඇමරිකාවේ බටහිර වොෂිංටන් ප්‍රදේශයේ එක්තරා ඝන වනාන්තරයක් තුලය.
කලකට පෙර මිනිස් වාසභූමියක්ව පැවති මෙය දැන් වන සතුන්ගෙන් ගහන ප්‍රදේශයකි.
කලින් තිබූ ගොඩනැගිලි වල හා දැවැන්ත විදුලි කුළුණු වල වනගත නටඹුන් පමණක් දක්නට ලැබේ..

අප ක්‍රීඩා කල යුත්තේ ජනාකීර්ණ නගරය වල් බිහිවූයේ මන්දැයි සොයා බලන ගවේශකයා ලෙසය..
කලින් විසූ මිනිසුන් පරිහරනය කල දේවල් ගැන සොයමින් යම් යම් දේ එකතු කරමින් විතරක් නොව මහ වන මැදදී ගවේශකයාගේ ජීවිතයද රැක දෙමින් ක්‍රීඩාව කල යුතුය.
මෙම ගමනට ගෙන යා හැක්කේ ටැබ්ලට් පරිගණකයක්, සටහන් පොතක්, දුර බලන කන්ණාඩියක්, සියම් , බිලී පිත්තක්, මාලිමාවක් හා දුනු ඊතල පමනි.

http://www.icewatergames.com/about





රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...