slider

Thursday, July 10, 2014

ඩිස්කො මට්ටියා එළි නිකුත් කරන්නේ කොහොමද?

ඩිසකෝ මට්ටියා ( disco clam ) ලෙස හැදින්වෙන්නේ මීටර් 50ක් පමණ ගැඹුරැ මුහුදේ ජීවත් වන මට්ටියන් විශේෂයක්.
මොවුන්ගේ විශේෂත්වය වෙන්නේ රන් හා රතු පැහැයට සමාන දීප්තිමත් එළියක් සිරැරෙන් විහිදුවීම.
මේ මට්ටියා ඩිස්කො මට්ටියා කියලා හදුන්වන්න හේතුවත් උගේ සිරැර ඩිස්කොලයිට් එකක් සේ දීප්තියෙන් බැබලීමයි.

විද්‍යාඥයින් මෙතෙක් කල් විශ්වාස කලේ
මේ සත්වයා එළි නිපදවන්නේ ජෛව සංදීප්තිය මගින් කියලයි.
නමුත් පසුගිය සතියේ කැලිෆෝනියාවේ බෙකර්ලි විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ ආචාර්ය lindsey dougherty පෙන්වා දුන්නා එය එසේ නොවන බව.
ඇය පෙන්වා දෙන්නේ ඩිස්කෝ මට්ටියා ආලොකය නිපදවන්නේ සිලිකා භාවිතයෙන් බවයි.
ඩිස්කෝ මට්ටියාගේ පටක වල පවතින සුදු පැහැ පටිවල සිලිකා පවතින බව dougherty ට පෙනීගියා.
එම පටක වල පවතින සිලිකා නිසාම එය වර්තකයක් සේ ක්‍රියා කරන බව ඇය පෙන්වා දෙනවා.
මේ පටිවල ඇති සිලිකාමය නැනෝ පරිමාණ ගෝලිකාවලට නිල් හා කොල පරිසරයේ ඇති ආලෝකය කාර්යක්ෂමව පරාවර්තනය කළ හැකි බවයි ඇගේ අදහස.
ආචාර්ය lindsey dougherty බෙකර්ලි විශ්වවිද්‍යාලයේ ඇයගේ  
විද්‍යාගාරය තුලදී ඩිස්කො මට්ටියා නිරීක්ෂණය කරමින්...

දීප්තිමත් බව වැඩිනිසා ඩිසකෝ මට්ටියන්ට විවිධ වාසි ලැබෙන බව ඇය පවසනවා.
ඉන් එකක් නම් විලෝපිකයන් පළවා හැරීම.
මුහුදේ සිටින බ‍ොහෝ වර්ණවත් ( විලෝපිකයන්ට ගොදුරැ වීමට ඉඩ ඇති ) සතුන් තරමක් දුරට හෝ විෂ සහිතයි.
එහෙත් ඩිස්කෝ මට්ටියන්ට එවැනි විෂක් නෑ.
වර්ණවත් වීම නිසා සතුරන්ගේ ඇසගැටෙන්න පුළුවන් වුනත්, දීප්තිය පිට කිරීමෙන් එවැනි සතුරන් බය කරන්න හැකියාව ලැබෙනවා. සහකරැ හෝ සහකාරිය කැදවන්නටත් හැකියාව ලැබෙනවා.
ඩිස්කො මට්ටියා ප්‍රජනනය කරන්නේ භාහිර සංසේචනය මගින්.



-cool breez-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...