slider

Wednesday, July 9, 2014

විසිඑක් වන සියවසේ රොබෝව intel jimmy

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පැවති code conference නම් වූ තාක්ෂනික සමුළුවට intel  සමාගමේ ප්‍රධාන විධායක බ්‍රයන් ක්‍රෂනිච් සමග අමුතු රොබෝ කෙනෙක් ආවා.
සිරැරට වඩා විශාල හිසක් සහිත පිටසක්වල ජීවියෙක්ගෙ පෙනුම තියන මේ රොබෝ ට කියන්නේ jimmy කියලා.
එදා මෙදා තුර නිපදවූ අනිත් සියළුම රොබොලගෙන් ජිමී වෙනස්.
ජිමීගේ බාහිර පෙනුමට අදාලසියළුම කොටස් නිර්මාණය කරල තියෙන්නේ ත්‍රිමාණ වස්තු නිර්මාණය කල හැකි ප්‍රින්ටරයක් මගින්.
ඇවිදින්න, අතට අත දීලා කතා කරන්න, සිංදු කියන්න . තමන්ගේ ස්වාමියා හදුනා ගන්න විතරක් නෙවෙයි අවශ්‍ය නම් අත් උදව් දෙන වැඩ උනත් ජිමීට අවුලක් නැතුව කරන්න පුළුවන් කියලා intel  සමාගම කියනවා.




පෙට්ටියක දාලා එවන ජිමීව එයාව මිලදී ගන්න කෙනාට ඉතාමත් පහසුවෙන් එකලස් කර ගන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ.
මෙයා ඉතාමත් උසස් තත්වයේ රොබෝ කෙනෙක්.
ලෝකෙට අළුත් දෙයක්..
intel  සමාගම කියන්නේ එයාලා මේ ඉදිරිපත් කරේ විසිඑක් වන සියවසට ගැලපෙනම රොබෝ මාදිලිය කියලයි.
මේ රොබෝව වැඩිදියුණු කරන්න intel  සමාගම  ආධාර කරන වැඩමුළුවට නම දාලා තියෙන්නෙත්  21'st century robots කියලයි.

ජිමී අගල් 27ක් උසයි.
රාත්තල් 13ක් බරයි ඒ කියන්නේ කිලෝ 6ක්.
තප්පරේට සෙන්ටිමීටර 30ක වේග‍ෙන් ඇවිදිනවා.
කැමරා, මයික්‍රෙෆා්න් වගේම ,සමබරතාව රකින සංවේදකත් ජිමීට සවිකරලා තියෙන්නේ.
4GB RAM මතකයක් තියන ජිමී පණ ලබන්නේ core i5 ප්‍රොසෙසර් එකකින්.
වයි ෆයි, බ්ලූටූත් සබදතාවත් තියනවා.
නැවත නැවත ආරෝපණය කල හැකි බැටරි 4ක් (14.8v 4000 mAh LiPo) ඇති පැකේජයකින් බලය ලබනවා.

ජිමීගේ විශේෂත්වය තියෙන්නේ එයාගේ මෙහෙයුම් පද්ධතියෙයි.
දැනට උබුන්ටු 14.04න් හෝ ලිනක්ස් යොක්ටෝ මෙහෙයුම් පද්ධතියෙන් ක්‍රීයාත්මක වෙන ජිමී සම්පූර්ණයෙන්ම ඕපන්සෝස් එකක්.
ඒ කියන්නේ මෙයාගේ මෙහෙයුම් පද්ධතිය ලෝකයාට ඕනිම විදියකට වෙනස් කරන්න පුළුවන්.
intel  සමාගම කියන්නේ ජිමී ලොව වැඩිම පිරිසකගේ දායකත්වයෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවි කියලයි.
මේ රොබෝගෙන් නොයෙක් වැඩ කරගන්න තැනූ ඇප්ස් ඔනෑතරම් එලිදකිනු ඇති  බවයි.
ඒවගෙන් තමන්ට අවශ්‍ය ඒවා ජිමීට ඉන්ස්ටෝල් කරලා ජිමීව තමන්ට ඔනි විදියට කීකරැ කරගන්න පුළුවන් කියලා intel සමාගම කියනවා.
 මේ රොබොට ස්මාට්ෆෝන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්. එතකොට ස්මාට්ෆෝන් එකේ සම්පූර්ණ බලය ජිමීට ලැබිලා රොබෝගෙ වැඩ සංකීර්ණ වෙනවා. බලසම්පන්න වෙනවා. එ්කේ වාසිය තනිකරම ජිමීගේ අයිතිකාරයට.

මේ අවුරැද්ද අගදි ජිමීව වෙළදපලට එවන්න තීරණය කරලා තියෙන්නේ ඩොලර් 1600කට.
 intel කට්ටිය කියන්නේ ජිමීට තියන ඉල්ලුම වැඩිවෙලා වැඩි වැඩියෙන් විකිණුනෝත් පස්සේ  ජිමීව ඩොලර් 100කට වගේ දෙන්න පුළුවන් වෙයි කියලායි.



-bezobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...