slider

Thursday, July 24, 2014

ඇමරිකානු රාජ්‍ය ණය ප‍්‍රමාණය අහස උසට



තවත් වසර 25කින් ඇමරිකාවේ රාජ්‍ය ණය ප‍්‍රමාණය එහි දළ ජාතික නිෂ්පාදිතය මෙන් 106%ක අගයක් වාර්තා කරනු ඇති බව කොංග‍්‍රස් මණ්ඩල අයවැය කාර්යාලය විසින් අනතුරු හගවා තිබේ.

මෙවැනි අගයක් මින් පෙර ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ 2වන ලෝක යුද්ධය අවසන් වූ විට පමණි.



මේ වන විට ඇමරිකානු ණය ප‍්‍රමාණය ඩොලර් ටි‍්‍රලියන 17ක් දක්වා අහස උසට නැග ඇති අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 74%ක් වන බව ගණන් බලා තිබේ.

දෙවන ලෝක යුද්ධය අතරතුරදී වාර්තා වූවායින් පසු එම අනුපාතය මෙතෙක් ඉහළ නැගි පළමු අවස්ථාව මෙය බව පැවසේ.

2008 මූල්‍ය අර්බුදයේදීද රාජ්‍ය ණය ප‍්‍රමාණය මින අඩක මට්ටමේ පැවති බව කොංග‍්‍රස් අයවැය කාර්යාලය පවසා තිබේ.

මේ වන විට ක‍්‍රියාත්මක වන නෛතික තත්වයේ පවතින ෆෙඩරල් බදු සහ වියදම් ප‍්‍රතිපත්ති මත ජනතාවට සහ ඔවුන්ගේ නියෝජිතයින්ට අසීරු විකල්ප ගැනීමට සිදුව ඇති බව ඔවුන්ගේ අදහසයි.

2015-2020 අතර කාලයේදී රාජ්‍ය ණය ප‍්‍රමාණය දළ ජාතික නිෂ්පාදිතයෙන් 72-74% මට්ටමේ පවතිනු ඇති නමුදු එය 2024 වන විට 78% දක්වා වර්ධනය වනු ඇති බවද එම කාර්යාලය විසින් පුරෝකථනය කර ඇත.

ඔවුන් පවසා ඇත්තේ ප‍්‍රධාන පෙළේ සෞඛ්‍යාරක්ෂණ වැඩසටහන් සහ සමාජ සුරක්ෂණ වැඩසටහන් වලට වැය කිරීම ඉතිහාසයේ වැය කළ ප‍්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩිවීම අර්බුදය තවත් ඉහළ දමනු ඇති බවයි.

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...