slider

Sunday, July 6, 2014

Multiplayer ආශ්වාදය නොමිලයේම සපයන Ghost Recon : ONLINE


Featured & Mainනොමිලේ දුන්නම දෙමළ පත්තරයක් උනත් ගන්නව කියල සිංහල අය අතරෙ කියමනක් තියනවනෙ. ඒ උනාට මේ පරිගණක ක්‍රීඩා ලෝකයේ ඉතාමත් අගනා ආකාරයට ගොඩනන්වපු, කිසිම මුදලක් අවශ්‍ය නැති ක්‍රිඩා දැන දැන් විශාල වශයෙන් වෙලදපොලට එනව. හැබැයි බොහොමයක් මෙවැනි පරිගණක ක්‍රීඩා වල මුදල් දීද ලබා ගත හැකි විවිධ භාන්ඩ නිසා නොමිලේ ක්‍රීඩා කරන ක්‍රීඩකයට ‘හොම්බෙන් යන්නම පරාද වෙන්න වෙන එක’ සාමාන්‍යයි. ඒත් මං අද කියන්න යන්නෙ සල්ලි දුන්නත් නැතත් දක්ෂතාවට තැන ගන්න පුලුවන් Online First Person Shooter [FPS] Game එකක් ගැනයි. ඔව්, මේකෙත් සල්ලිත් තියනවනම් විවිධ දේවල් ලබා ගන්න පුලුවන්. හැබැයි ප්‍රධාන ආයුද සහ උපකරන සියල්ලම තමා මහන්සි වෙලා ක්‍රිඩාව තුලදීම උපයන මුදල් වලින් ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්. සල්ලි වැඩී වගේ නම් ඉතින් විච්චූරන කැලි ටිකක ගන්න පුලුවන් සක්කුවට තට්ටුකරගෙන


Tom Clancy’s Ghost Recon කිව්වම ඕනම කෙනෙක දන්නව ඒක තමා දැනට තියන සුපිරිම Recon එහෙමත් නැත්නම් හමුදා බුද්ධි අංශය [හිතා ගන්න පුලුවන් ලගම තෙරුම. Recon කියන එකේ ඉංග්‍රීසි තේරුම 'military term for gathering information' ] හා සම්බන්ද ක්‍රීඩාව බව. ඔවුන්ගේ නවතම පරිගණක ක්‍රීඩාව වන Ghost Recon : Future Soldier නිකුත් කිරීමෙන් මාස කීපයක් යාමටත් පෙර ඔවුන් ලෝකයේ සියලුදෙනාටම නොමිලයේ ක්‍රිඩා කල හැකි Ghost Recon : ONLINE නිකුත් කලේය. ඔබ නොසිතුවත් එහි graphics quality එක ඉතාමත් උසස් මට්ටමේ තිබෙන අතර එය ඉතාමත් ඇබ්බැහි වන සුළු game එකකි [අත්දැකීමෙන් කතා කරන්නේ :D]
ක්‍රීඩකයට මෙම ක්‍රීඩවේදී ඕනේම Assault , Specialist සහ Recon යන සෙබල වර්ග තුනෙන් එකක් තෝරා ගෙන ක්‍රීඩාවට යොමු විය හැකි අතර ඔවුන් සියලු දෙනාම වෙන වෙනම මට්ටම් 30ක් [30 Levels] යන තෙක් දියුණු කිරිමට හැකිය. ඔබ කැමති වෙලාවක ඕනෙම වෙනත් සෙබල වර්ගයක් තෝර ගත හැකි අතර එය ඉතාම පහසු කාර්යයකි.
Select
ඒ වගෙම මුදල් ස්වල්පයක් වියදම් කර [මින් ඉදිරියට මම මුදල් යැයි අදහස් කරන්නෙ ඔබ ක්‍රීඩාවෙදී උපයා ගන්න ඒවාය] ඔබේම Clan එකක් සාදා ගත හැකි අතර එම ක්‍රීඩකයන් online ඇති අවස්තා වල 8 දෙනෙකුට සංවිධානය වී ක්‍රීඩාවට මුහුන දිය හැක. ඒසේත් නැතනම් ඕනෙම වෙනත් අයෙකුගේ clan එකකට මුදල් නොගෙවාම සමබන්ධ විය හැකිය [ඔවුන් ආරාධනා කලොත්]. මේ කුමක නැත්ත තනිවම ක්‍රීඩා සෙවීමට දීමෙන්ද 8 දෙනෙකුගේ කණඩායමක් ස්වයන්ක්‍රීයවම සෑදී ඔබට ක්‍රිඩා කිරීමට අවස්තාව ලබා දේ. ඒ අතරම ඔබේ online සිටින යහළුවන්ට 8 දෙනක් දක්වා ඔනේම ගණනකට එකට එකතු වී තාවකාලිකව කණ්ඩායම් ගැසීමටද අවස්තාව හිමි වේ [Fire Team]. මේ සියළු අවස්තා වලදීම සිදුවන්නේ 8 දෙනෙකුගේ කණ්ඩායමක් තවත් 8 දෙනෙකුගේ කණ්ඩායමක් සමග සටන් වැදීමයි.
Matchmaking
දැනට ක්‍රීඩාවේ සිතියම 6ක් ඇති අතර එම සිතියම වල ක්‍රීඩා ක්‍රම 3ක් අන්තරගතව ඇත. එනම් Conquest, Onslaught සහ Holdout.
  • Conquest වලදී තමාට අයිති ස්ථාන 2ක් සහ කණ්ඩායම දෙකටම අයිති ස්ථානයක් ඇති අතර එම ස්ථාන සියල්ල තම සතු කර ගන්න හෝ කාලය අවසානයේදී වැඩිම ස්ථාන ප්‍රමාණයක් සතු කර ගන්නා කණ්ඩායම එම වටය ජයග්‍රහනය කරයි. මෙවැනි වට දෙකක් තිබෙන අතර සියල්ලගෙන්ම වැඩිම ස්ථාන ප්‍රමාණය සතු කණ්ඩායමට එම සමස්ත තරගයේ ජයග්‍රහනය හිමිවෙනවා. මෙහි ඇති සියලු ස්ථානයක්ම එක් කණ්ඩායක් අල්ලා ගැනීමෙන් පසු අනෙක් කණ්ඩායමට යලි එය අල්ලා ගැනීමට අවස්ථාව හිමි වේ.
  • Onslaught තරග වර්ගයේදී එක් කණ්ඩායමකට අයිති ස්ථාන 3ක් ඇති අතර අනෙක් පිළ එම ප්‍රථම ස්ථාන 2 අල්ලා ගැනීමෙන් අනතුරුව තෙවන ස්ථනය unlock වන අතර එම ස්ථානය අල්ලා ගැනීමෙන් ඔවුන්ට ජයග්‍රහනය හිමිවේ. ස්ථාන 3ම අල්ලා නොගත්තේ නම් ඔවුන්ට එම වටයේ ජයග්‍රහනය අහිමි වේ. දෙවන වටයේදීද මෙයම කණ්ඩායම මාරු වීමෙන් අනතුරුව සිදු වේ. එනම් ආරක්ෂකයන් ස්ථාන ඇල්ලීමටත් , ස්ථාන අල්ලමින් සිටි පිළ ආරක්ෂකයන් ලෙසත් මාරු වීමෙන්. වට 2ම අවසානයේදී වැඩිම ස්ථාන ප්‍රමාණය තමා සතු කරගෙන සිටි පිළ සමස්ත තරගයේ ජයග්‍රාහකයන් වේ.  මෙම තරග වර්ගයේදී එක් පිළක් සතු කර ගන්නා ස්ථානය ආරක්ෂකයන්ට යලිත් ලබා ගැනීමට නොහැක. එම නිසා ආරක්ෂකයන් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය.
  • Holdout යනු මීට සති කීපයකට පෙර මෙම ක්‍රීඩාවේ නිශ්පාදකයන් නිකුත් කල නව සිතියම සමග ලැබෙන තරග වටයයි. එහිදී කණ්ඩායම් දෙකටම අයිති එක් ස්ථානයක් පමණක් ඇති අතර එම ස්ථානය වේලාව අවසානයේදී තමා සතු කරගෙන ඇති කණ්ඩායම එම වටයේ ජයග්‍රාහකයො බවට පත්වේ. මෙවැනි වට 3ක් ඇති අතර බහුතර වට ප්‍රමානයක් ජයග්‍රහනය කරන කණ්ඩායම සමස්ත තරගයේ ජයග්‍රාහකයො බවට පත්වේ.
Shot
සෑම සෙබල වර්ගයක් ලෙසම විවිධ විෂේශ උපකරණයක් හිමි වන අතර එය ඔබට තොරා ගැනීමට හැක්කේ අදාල දෙකකින් එකක් ලෙසයි. ඔබට එම උපකරණය මරණයට පත්වන ඕනෑම අවස්තාවක වෙනස් කළ හැකිය.  එක් එක් සෙබල වර්ගයට හිමිවන එම විෂේශ උපකරන නම්;
  • Assault ලෙස ඔබට ලැබෙන එක් උපකරණකින් එය අවට හැන්ගී නොසිටින විරුද්ධවාදීන්ගේ health එක අඩු කරන උණුසුම පිටකරන උපකරනයකි. එයට ලක්වන ක්‍රීඩකයගේ health එක අඩුවන අතරම ඔහුට හරි හැටි වෙඩි තැබීමටද එම අවස්ථාවේදී නොහැකි වේ. [HEAT] . අනෙක් උපකරණය ඔබට වෙඩි නොවදින පලිහක් ලබා දෙන අතර එයින් අදාල විරුද්ධවාදීන් ලගටම ගොස් ඔවුන්ව විනාශ කල හැකිවේ. [Blitz]
  • Specialist ලෙස ඔබට ලැබෙන එක් උපකරණකින් ඔබ වටා ආරක්ෂක අර්ධ ගෝලාකාර දැලක බිහිවන අතර එයින් පිටත සිටින අයගේ උන්ඩ වලින් ඔබට හානියක් කිරීමට නොහැකි වේ. [AEGIS] අනෙක් උපකරනය විරුද්ධවාදීන්ගේ ඉලෙක්ට්‍රොනික් උපකරන අඩපන කරමින් ඔවුන්ගේ energy ප්‍රමාණයද පහළ හෙලයි. [Blackout]
  • Recon සොල්දාදුවෙකු ලෙස ඔබට නොපෙනී යාමට හැකියාව [Active Cloaking] සහ අනෙක් උපකරණයෙන් නිකුත් කරන කිරණ මගින් ලග සිටින විරුද්ධවාදීන් සිටින තැන සොයාගතහැකිය. [Oracle]
මෙම සියළුම උපකරණ එක් එක් ක්‍රීඩකයාට ඇති Energy Bar එක මගින් ක්‍රියාත්මක වන අතර එය ඉතාමත් සෙමින් නැවත් පිරෙන අතර මෙම උපකරණ භාවිතය එම නිසා ඉතාමත් සීමිතයි. එම නිසා මෙම උපකරණ ඉතාමත් බලසම්පන්න ලෙස පෙනුනද එයින් කිසිම අයුතු ප්‍රයොජනයක් සිදු නොවේ. ඒවා මෙම ක්‍රීඩාවේ සිත්ගනාසුළුබව තවත් ඉහලනන්වයි. මෙසේ තමාට පමණක් නොව කණ්ඩායටම උපකාරකරන උපකරණද තිබෙන අතර එවා ගැන වැඩි විස්තර මෙම අවස්ථාවේදී නොපවසමි. ඒවා ඉතාමත මිල අධිකය.
Blitz_b
ඔබත් මෙම ක්‍රීඩවට සහභාගී වීමට කැමතිනම් පහත button එක මගින් එම වෙබ් අඩවියට පිවිසෙන්න. මුලින් ඉතාමත් කුඩා Launcher එකක් download වන අතර එමගින් 2.91GB [වර්තමානයේදී] වන මෙම game එක download වේවි.
මම ක්‍රීඩාව ඔබගේ පරිගණකයේ පිහිටවීමට;
අවම සුදුසුකම්:
Operating System: Windows XP (with Service Pack 3) / Windows Vista (with Service Pack 2) / Windows 7 (with Service pack 1), both 32 bit & 64 bit versions
Processor: Intel Pentium D 2.66 Ghz or AMD Athlon64 X2 3600+
Memory: 2 GB Windows XP / 3 GB Windows Vista or Windows 7
DirectX: DirectX 9.0c
Graphic card: 256 MB DirectX-compliant, Shader Model 3.0-enabled video card
Sound card: DirectX 9.0c – compliant sound card
HDD: 6 GB of free disk space
Peripherals: Keyboard, mouse
Internet speed: 512kbps or higher (upstream and downstream)
Internet browser: Internet Explorer 9 (Windows Vista/Windows 7)
                              Internet Explorer 8 (Windows XP)
Framework: Microsoft .NET Framework 3.5 SP1
උපරිම සුදුසුකම්:
Operating System: Windows XP, Vista or 7
Processor: Dual core 2.4Ghz or higher
Memory: 2GB Windows XP / 2GB 3GB Windows Vista or Windows 7
Graphic card: 256 MB DirectX-compliant, Shader Model 3.0-enabled video card
                       Intel HD Graphics 2000 / Geforce 8400M / Mobility Radeon HD 2400 XT  or above
HDD : 6 GB of free disk space
Sound card: DirectX 9.0c compliant sound card
Peripherals: Mouse
Internet speed: 512kbps or higher (upstream and downstream)
Internet browser Internet Explorer 9 (Windows Vista/Windows 7)
                              Internet Explorer 8 (Windows XP)
Framework: Microsoft .NET Framework 3.5 SP1
PS: මගෙ නම දැක්කනෙ? මම මේ game එකේ AlphaCharlie. ඔය කවුරු හරි මේකට අවොත් එක්කො comment එකක් දාන්න නැත්නම game එකේදිම හම්බවෙමු

-cool breez-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...