slider

Thursday, July 24, 2014

දැන්මම වෙඩිතබා මරන්න





යුක්‌රේන් අඹුසැමි යුවළ එල්ලූම්ගස්‌
'දැන්මම වෙඩිතබා මරන්න'
මරණීය දණ්‌ඩනයට නියමවූ 
යුක්‌රේන් කාන්තාව අධිකරණය හමුවේ කියයි

වර්ෂ 2010 පෙබරවාරි 23 දා රාජගිරියේදී යුක්‌රේන් ජාතික හය හැවිරිදි දරුවකු හා මෙරට කාන්තාවක පිහියෙන් ඇන ඝාතනය කර දරුවාගේ මව වූ යුක්‌රේන් ජාතික කාන්තාවට පිහියෙන් ඇන මාරාන්තික තුවාල කළ යුක්‌රේන් ජාතික අඹු-සැමි යුවළකට කොළඹ මහාධිකරණ ද්වි පුද්ගල විනිසුරු ම`ඩුල්ලක්‌ විසින් ඊයේ (16 දා) මරණීය දණ්‌ඩනය නියම කරනු ලැබිණි.සිද්ධියට අදාළව වසර දෙකකට අධික කාලයක්‌ පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව මෙසේ මරණීය දණ්‌ඩනය නියම වූයේ යුක්‌ක්‍රේන් ජාතික මසූර් ඉයුජින් හා යානා බ්‍රිෂියානා නමැති අඹුසැමි යුවළටයි.

චූදිත යුවළට පනවනු ලැබූ මරණීය දණ්‌ඩනය නියම කිරීමට පෙර කීමට යමක්‌ ඇතිදැයි අධිකරණයෙන් කළ විමසීමකට අනුව විත්තිකූඩුවේ සිට අධිකරණය ඇමතූ දෙවැනි චූදිතිය "මරණීය දණ්‌ඩනය නියම කරනවා නම් එම දණ්‌ඩනය මේ අවස්‌ථාවේදීම සිදුකරන ලෙසත්, මේ අවස්‌ථාවේදීම තමාට වෙඩි තබා මරාදමන ලෙසත් කියා සිටියාය.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දේවිකා ද ලිවේරා තෙන්නකෝන් (සභාපති විනිසුරුවරිය) මහත්මිය හා විමල් නම්බුවසම් මහතා ඉදිරියේ මෙම නඩු විභාගය පැවැත්විණි.

චූදිත යුවළට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 7 ක්‌ යටතේ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. ඒ අනුව මිනී මැරීමේ චෝදනාවට වරදකරු වීම මත ඔවුන්ට මරණීය දණ්‌ඩනය නියම වූ අතර මිනී මැරීමට අනුබල දීමේ වරදට වසර 15 බැගින් බරපතළ සිරදඬුවම් හා රුපියල් විසිපන්දහස බැගින් දඩ මුදලක්‌ නියම කළ විනිසුරු මඬුල්ල සිද්ධියෙන් මාරාන්තික තුවාල ලැබූ තැනැත්තියට රුපියල් ලක්‍ෂ පහ බැගින් වන්දි මුදලක්‌ ගෙවන ලෙසත් දඩ මුදල් හා වන්දි මුදල් නොගෙවන්නේනම් ඒ සඳහා මාස 12 බැගින් අමතර සිරදඬුවමක්‌ පනවන ලෙසත් නියෝග කළේය.

2010 පෙබරවාරි මස 23 දා හෝ ඊට ආසන්න දිනකදී රාජගිරියේදී ෙ-සන් කිම් හා ඩේසි මනෝනා යන අයගේ මරණ සිදුකිරීම, ඒ සඳහා අනුබල දීම හා කුමන්ත්‍රණය කිරීම යටතේ දණ්‌ඩ නීති සංග්‍රහයේ අංක 113(ආ) සහ 102 වගන්තිය සමග කියවිය යුතු 296 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක්‌ සිදුකළ බවට චූදිතයන්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබිණි.

චූදිතයන්ට දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය ඇමතූ සභාපති විනිසුරුවරිය විත්තිකරුවන්ට එරෙහි ගොනුකර ඇති චෝදනා පැමිණිල්ල මගින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවත් ඒ අනුව චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් කරන බවත් සඳහන් කළාය.

චූදිතයන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් වැරදිකරුවන් වීම මත දඬුවම් නියම කිරීමට පෙර ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්‌වමින් විත්තිකරුවන්ට එරෙහි චෝදනාවන්ට ඔවුන් නිර්දෝෂී බවත් කෙසේ වුවත් මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක්‌ ගොනු කරන බවත් දන්වා සිටියේය.

ඒ අනුව චූදිතයන්ට දඬුවම් නියම කළ විනිසුරු ම`ඩුල්ල මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාවට වසර 15 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා රුපියල් විසිපන්දහස බැගින් දඩ මුදලක්‌ හා සිද්ධියෙන් මාරාන්තික තුවාල ලැබූ තැනැත්තියට රුපියල් ලක්‍ෂ පහ බැගින් වන්දි මුදලක්‌ ගෙවීමට නියම කරන බවත් දන්වා සිටියේය.

මිනී මැරීමේ චෝදනාවට චූදිතයන්ට මරණීය දණ්‌ඩනය නියම කරන බවද දන්වා සිටි විනිසුරු ම`ඩුල්ල මරණීය දණ්‌ඩනය පැනවීමට පෙර යමක්‌ කීමට ඇත්නම් ප්‍රකාශ කරන ලෙසට චූදිතයන්ට දන්වා සිටියේය.

ඒ අනුව විත්ති කූඩුවේ සිට අධිකරණය ඇමතූ පළමු චූදිත මෙම අපරාධයට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක්‌ නොමැති බවත් තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයන්ට ඇපෑලක්‌ කරන බවත් කියා සිටියේය.

තමන් අත්අඩංගුවට ගනු ලැබූ අවස්‌ථාවේදී පොලිස්‌ භාරයට ගනු ලැබූ තම රත්‍රං බඩු හා තවත් භාණ්‌ඩ මෙම නඩුවට අදාළ නොවන බවත් ඒවාට කුමක්‌ සිදුවන්නේදැයි ප්‍රශ්න කළ පළමු චූදිත වික්‌ටෝරියා කිව් හා ජනක්‌ විතාන නමැති අය පොලිසිය සමග එක්‌වී තමන්ට එරෙහිව මෙම චෝදනා ගොනු කළ බවද කියා සිටියේය.

සිද්ධියෙන් මියගිය කාන්තාව නිවසේ මෙහෙකාරියක ලෙස සේවය කළ ජාඇල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ අතර චූදිත යුවළගේ නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සිටි සිද්ධියෙන් තුවාල ලැබූ වික්‌ටෝරියා කිව් තැනැත්තිය සමග චූදිත යුවළ දැඩි වෛරයකින් සිටීම මෙම මරණයන්ට හේතුවී තිබිණි.

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...