slider

Saturday, July 5, 2014

කාබන් ඩයොක්සයිඩ් විමෝචන සීමා කිරීම වෙනුවට විකල්පයක් නැත.!

දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සදහා ගත හැකි පියවර අතර කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කිරීම ප්‍රධාන වේ.
මෙහි වැදගත්කම අවධාරණය කරන අධ්‍යනයකින් පෙන්වා දී ඇත්තේ ඒ වෙනුවට යොදා ගතහැකි විකල්ප නොමැති බවයි.



මෙහිදී අවධානය යොමුව ඇත්තේ කෙටි කාලයක් පවත්නා හරිතාගාර වායු වර්‍ග ( මීතේන්, හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි) සීමා කිරීමෙන් හරිතාගාර ආචරණයට සිදු වන බලපෑම සම්බන්ධවය.

ඔවුන් පෙන්වා දෙන පරිදි කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනවල බලපෑම් නවතා දමා සහස්‍රක ගණනාවක කාලයක් වුවද පැවතිය හැකිය.
මේ අනුව ඉදිරි වසර 50 ක කාලය තුලදී කාබන් ඩයොක්සයිඩ් වායුව සීමා කිරීමට වැඩි අවධානයක්  යොමු කිරීම අවශ්‍ය බව ඔවුහු පෙන්වා දෙති.

අනෙක් වායු හා කාබන් ඩයොක්සයිඩ් වායුවේ බලපෑම් සංසන්දනය සදහා මෙතෙක් යොදා ගත් ක්‍රමවේද වල ඇති ගැටළුවක් නිසා කෙටි කාලයක් පවත්නා හරිතාගාර වායු වලින් ඇතිවන බලපෑම අතිශයෝක්තියකින් දක්වා ඇත.
දේශගුණ වෙනස් වීම් පිළිබදව තවමත් පුළුල් එකගතාවක් ඇති කරගැනීමට නොහැකි වී ඇත්තේ වැඩිම බලපෑම එල්ල කරන හරිතාගාර වායුව හා ආර්ථිකය එකිනෙක බද්ධ වී ඇති නිසාය. ( මූලාශ්‍රය: Annual Review of Earth Sciences, DOI: 10.1146/annurev-earth-060313-054843)

-benzobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...