
මේ පිලිබදව පසුගිය වසර විස්සක පමණ පළ
වූ පර්යේෂණ වාර්තා 800 ක් පමණ ප්‍රමාණයක් සමාලොචනය කර ඇති පර්යේෂකයන් පිරිස පෙන්වා දී ඇත්තේ, නියෝනිකොටිනොයිඩ මීමැස්සන් ගේ ගහන අඩු වීමට බලපා ඇති බවයි. එපමණක් නොව මේ රසායනික ද්‍රව්‍ය බොහෝ හිතකර විශේෂ ගනනාවකටම සැලකිය යුතු ආකාරයේ බලපෑමක් සිදුකරන බව පෙන්වා දී ඇත.
ගැඩවිලුන්, ගොළුබෙල්ලන්, සමනළයන් හා පක්ෂීන්ට ද මේ නිසා බලපෑම් වේ.
මේ අනුව නියෝනිකොටිනොයිඩ හා තවත් කෘමිනාශකයක් වන ෆිපෝරනිල් මගින් පස , ජලය මෙන්ම වාතය ද දූෂණය කරන බව පැහැදිලිය.
මේ පර්යේෂණය ඉදිරියේ දී පළ වීමට නියමිතය.
කෙසේ වෙතත්, නියෝනිකොටිනොයිඩ මගින් මෙවැනි හානියක් සිදු නොකරන බවට අදාල රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සාමාගම් පවසයි.
කෙසේ වෙතත් , මේ කාණ්ඩයේ රසායන ද්‍රව්‍ය මල් පිපෙන ශාක වලට යොදාගැනීම සම්බන්ධව යුරෝපා සංගමය වසර දෙකක තහනමක් පණවා තිබේ. 1990 දී පමණ මේ රසායන ද්‍රව්‍ය කාණ්ඩය හදුන්වා දෙන ලද්දේ එතෙක් භාවිතා කරන ලද වෙනත් විෂ සහිත රසායන ද්‍රව්‍ය වෙනුවට භාවිතා කිරීමට ය.
-benzobee-
No comments:
Post a Comment