
චහාටිස්ගරා ප‍්‍රාන්තයේ කන්කෙර් දිස්ත‍්‍රික්කයේ චරාමා ප‍්‍රදේශයේ පිහිටා ඇති ලෙන් පද්ධතියකින් මෙම සිතුවම් හමුවී ඇතැයි පැවසේ.
පුරාවිද්‍යාඥ භගත් පවසා ඇත්තේ මෙම ගුහා චිත‍්‍ර වසර 10000ක් පමණ පැරණි බවයි.
මෙම සිතුවම් වල මුහුණේ කට, ඇස නාසාදී ඉන්ද්‍රියන් සටහන් කර නොමැති අතර ඇතැමෙකු අභ්‍යවකාශ ඇඳුම් වැනිදෑ පැළඳ සිටී.
මේ අතර පාද 3ක් සහිත ව්‍යූහයක්ද සටහන් කර ඇති අතර භගත් පවසන්නේ එය පිටසක්වළ යානය වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවයි.
මේ පිළිබඳ පර්යේෂණ කිරීම සඳහා චහාටිස්ගරාහි කිසිවෙක් නොමැති බවද ඔහු පවසා තිබේ.
ඔහු පවසා ඇත්තේ ප‍්‍රාග් ඓතිහාසික මිනිසා එක්කෝ පිටසක්වළ ජීවීන් දැක තිබීම හෝ නැතිනම් එවැන්නක් පිළිබඳ පරිකල්පනය කරමින් සිට ඇති බවයි.
අහසින් පැමිණි රෝහෙලා හෙවත් කුඩා මිනිසුන් පිරිසක් ගම්වාසීන් ගණනාවක් රැගෙන ගිය බවට පුරාවෘත්තයක් ගල් ගුහා පද්ධතියට යාබදව පිහිටා ඇති චන්දෙලි සහ ගෝටිටෝලා ගම්මාන වල වැසියන් අතරේ පවතින බවද අනාවරණය වී තිබේ.
ස්වාභාවික වර්ණ වලින් තවමත් දැකිය හැකි මෙම බිතු සිතුවම් වල නාසය සහ කට රහිත මිනිසුන් විසින් තුවක්කු වැනි අවි දරා සිටීම හා අභ්‍යවකාශ ඇඳුම් උපකල්පනය කරන්නට ඇතැයි තර්කයක් පැවතුණද මිනිසුන් එවැන්නක් පිළිබඳ අදහස් ඉබේ දැරිය නොහැකි බවටද මත පළවී තිබේ.
No comments:
Post a Comment