
භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින් Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.
No comments:
Post a Comment