slider

Saturday, July 5, 2014

Battlefield Bad Company 2

ඔන්න කිව්ව වගේම අලුත්ම අලුත් Game එකක් ගැන කියන්නයි යන්නෙ. ඒ තමයි Battlefield Bad Company 2. Battlefield පරිගණක ක්‍රීඩා මාලාව ඔබ‍ට මතක ඇති. මොකද Battlefield කියන්නේ Single Player වගේම Multiplayer මාදි‍ලියේ games අතරේ ගොඩක් ජනප්‍රිය වෙච්ච game එකක්. ඉතින් මෙහි අලුත්ම සංස්කරණය තමයි Battlefield Bad Company 2 කියල කියන්නෙ.


මේක first person shooting game එකක්. හදල තියෙන්නේ  EA Digital Illusions Creative Entertainment(EA DICE) කියන සමාගමයි.
ඒවගේම අපි කවුරුත් දන්න Electronic Arts සමාගමේ ප්‍රකාශනයක්. Battlefield Bad Company 2 පරිගණක ක්‍රීඩාව PC, PlayStation හා Xbox හි ක්‍රීඩා කළ හැකියි. මෙය 2010 මාර්තු මස මුල ලොව පුරා මහජනයාට නිකුත් කිරීමට නියමිතයි.
මෙහි දී ක්‍රීඩකයාට ලැබෙන්නේ Battlefield Bad Company පෙර සංස්කරණය වැනිම විවිධ වූ ප්‍රදේශයන් හි ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි. මේ අතර දකුණු ඇමෙරිකාවේ යම් යම් ප්‍රදේශවල ද රුසියානු දේශ සීමාවේ කඳුකර ආශ්‍රිත ‍ප්‍රදේශවලද ක්‍රීඩකයාට යුද්ද කිරීමට ලැබෙයි. මෙහි මූලිකව සිදුවන්නේ ඇමෙරිකානු හා රුසියානු සමුහාණ්ඩුව අතර ඇතිවන යුද්ධයක්. යුද්දය අතරතුර ක්‍රීඩකයාට නවීන අවි ආයුධ, නවීන යුද වාහන හා ගුවන් යානා පාවිච්චි කිරීම, ගොඩනැගිලි සම්පූර්ණයෙන් විනාශ කිරීම ආදී යෙහි අද්දැකීම විඳගන්න පුළුවන් වීමත් විශේෂත්වයක්. තව දෙයක් මෙහි Graphics Quality (සජීවීකරණ දර්ශන) එක ගත්තමත් ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා ක්‍රීඩයාට ලැබෙන අද්දැකීම ඇති සැටියෙන්ම විඳගන්න පුළුවන්.
ක්‍රීඩකයාට තනිවමත්(Single Player), කණ්ඩායමක් ලෙසත්(Squad) මෙහි ක්‍රීඩා කළ හැකියි. ඊට අමතරව  Multiplayer ආකාරයෙනුත් ක්‍රීඩා කිරීමට ද පහසුකම් සලසා ඇත.
Battlefield Bad Company 2 හි ප්‍රධාන විශේෂාංග කීපයක්…
- අතිවිශාල  Multiplayer සිතියම්
- නවීන යුද වාහන හා ගුවන් යානා
- ප්‍රබල Single Player මාදිලිය
- කණ්ඩායම් මාදිලිය (Squad)
- ගොඩනැගිලි විනාශකිරීමේ හැකියාව(Destruction 2.0)
- කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් කිරීම
- ක්‍රීඩකයාගේ දක්ෂතාවය මත නිලයන් ප්‍රදානය
Battlefield Bad Company 2 Game එකේ අද්දැකීම ඔ‍යගොල්ලන්ටත් විඳගන්න ඕනෙ නං මෙන්න මේ System Requirements කියෙන්න ඕනෙ.
Microsoft Windows
MinimumRecommended
Operating SystemWindows XPWindows Vista or Windows 7
CPUIntel Core 2 Duo @2 GHZQuadcore
Memory2 GB RAM
Hard Drive Space10GB for disc version or 15GB for digital version
GraphicsGeForce 7800 GT / ATI X1900 with 256 MB VRAM – DirectX 9DirectX GeForce GTX 260/ ATI Radeon 4870 with 512 MB VRAM – DirectX 10
SoundsDirectX 9.0c compliant Sound card
Network1 Mbit/s internet connection for online play
ඔන්න ඔහොමයි කෙටියෙන් විස්තරය. කොහොම වුණත් බැලූ බැල්මෙන්ම පේන විධිහට නං මගේ අදහස 2010 දී එන පරිගණක ක්‍රීඩා
අතරින් Battlefield Bad Company 2  ගොඩක් ජනප්‍රිය වෙයි. ඒ වගේම 2010 හොඳම පරිගණක ක්‍රීඩා අතරට එනඑක නෙඅනුමානයි.
Battlefield Bad Company 2  නිල වෙබ් අඩවිය:http://www.battlefieldbadcompany2.com/
ඉතිං ඔන්න මං අලුත්ම අලුත් වී‍ඩියෝ ක්‍රීඩාවක් ගැන විස්තර කිව්වා. ඔ‍යාලගේත් අදහස් මේකට එකතු කරන්න ඕනෙ නං ප්‍රතිචාරයක් දක්වන්න අමතක කරන්න එපා….

-benzobee-

No comments:

Post a Comment

රාවනා ඇල්ලෙන් මතුවූ අපූරු කුමරිය ගැන ගීත් සහ නදුන් කියන කතාව

මේ දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක්වුනු ඇල්ල Rock ආශ්‍රිතව සිදුකල අමුතුම විදියෙ Photo Shoot එකක් ගැන අපිට දැනගන්න ලැබුනා.ඉතින් හැමදාමත් වගේ...